VLC Media Player ළඟදීම සිංහලෙන්.....!

Wednesday 2 June 2010



VLC Media Player එකේ වැඩ කෑලි ගැනවත්, ඒකෙ ප්‍රයෝජන ගැනවත් අලුතින් කියන්න ඕන නැහැනේ. මම හිතන්නේ මේක භාවිතා නොකළ අයෙක් හොයා ගන්නත් අමාරු තරම්. ඒ තරමටම මේක ජනප්‍රියයි වගේම ප්‍රයෝජනවත්. දැනට තිබෙන සෑම ‍මාධ්‍ය ගොනු ආකෘතියක්ම පාහේ මේ මගින් පහසුවෙන් ධාවනය කරන්න පුළුවන්. VideoLAN කණ්ඩායම විසින් සංවර්ධනය කරනු ලබන මෙය වටිනා විවෘත කේත මෘදුකාංගයක්.

මේ කියන්න යන්නේ මෘදුකාංග දේශීයකරණය ගැන උනන්දු වෙන අයට වගේම සිංහලෙන් මෘදුකාංග වැඩ කරන්න ආශාවෙන් ඉන්න අයට වටිනා ආරංචියක්. ඒ තමයි මිළඟ VLC නිකුතුව වන 1.1.0 වෙළුම සමග මෙහි සිංහල සහාය අන්තර්ගත වන බවයි. මා විසින් මේ වන විටත් මෙහි පරිවර්තන කටයුතු කරමින් පවතින්නේ. දැනට 50% ක් විතර අවසන්.

VideoLAN ආයතනය මගින් මේ වන විට මෙහි අවසන් පෙර නිකුතුව වන 1.1.0-rc පසුගිය 26 ‍වන දින නිකුත් කළා. මේ සමග සිංහල සහාය අන්තර්ගතයි. නමුත් තවමත් මෙහි තෝරා ගත හැකි භාෂා ලැයිස්තුවේ සිංහල භාෂාව ඇතුළුව අලුතින් ඇතුළත් වීමට නියමිත භාෂාවන් පෙන්වන්නේ නැහැ. තවමත් ඇත්තේ 1.0.5 වෙළුමත් සමග පැමිණි භාෂාවන් පමණයි. නමුත් ඔබට මෙහි සුළු වෙනස්කමක් කිරීමෙන් සිංහල අත්දැකීම ලබා ගන්න පුළුවන්. මේ අත්දැකීම විඳින්න ඔබත් උනන්දු නම් පහත පරිදි සැකසුම් සකස් කර ගන්න.

පළමුව මෙතැනින් VLC නවතම වෙළුම වන 1.1.0-rc බාගත කර ගන්න.ඒක ස්ථාපනය කර ගත්තාට පස්සේ,
C:\Program Files\VideoLAN\VLC\locale\si\LC_MESSAGES ෆෝල්ඩරයේ තිබෙන vlc.mo කියන ගොනුව පිටපත් කරගෙන C:\Program Files\VideoLAN\VLC\locale\en_GB\LC_MESSAGES ෆෝල්ඩරයට පිටපත් කර ගන්න. ඊට පස්‍‍සේ VLC Media Player විවෘත කරගෙන Tools -> Preference -> Interface Setting වල Menus Language: කියන තැන තියෙන ගලා හැලෙන මෙනුවෙන් British English තෝරන්න.අන්තිමට Save ක්ලික් කරලා VLC නැවත ධාවනය කරන්න.

සමහර අවස්ථා වල සිංහල අතුරු මුහුණතේ අකුරු අතර අනවශ්‍ය පරතරයක් දකින්න පුළුවන් වෙයි. එහෙම වුනොත් ඒකට හේතුව වෙන්නේ ඔබේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන සමහර යු‍නිකේත අකුරු වල තියෙන දෝෂයක්. ‍එහෙම වුනොත් Bhashitha සහ Dinamina UniWeb කියන ෆොන්ට් තියනවාද කියල බලලා ඒවා ඉවත් කරලා බලන්න. ඒවාගේම ‍මේ සම්බන්ධව ඔයාලාගේ අදහස් කියන්න. තවම මේක අවසාන නිකුතුව නොවන නිසා තියෙන අඩුපාඩු ඔක්කොම අවසාන නිකුතුව නිකුත් වෙනකොට හදන්න පුළුවන්.

සිංහල මෘදුකාංග දේශීයකරණයට‍ මාව යොමුකළ ඩනිෂ්ක නවීන් සොයුරාටත්, VLC ධාවකයේ Maintainer ලෙස මා පත් කළ ශාලිත විකුම් සොයුරාටත් තුති෴

තවත් screenshots කිහිපයක්.






8 ප්‍රතිචාර:

Danishka said...

හොඳ වැඩක්!
සුබපැතුම්!! :)

Dakshina said...

සුභ පැතුම්.

Upul R said...

Thanks.
Good job..

C0de BlUe said...

සුබපැතුම්!! දිගටම වෑඩේ කරගෙන යන්න !!

Kasun Nadeeshana said...

machine එක format කරලා අළුත් සොෆ්ටවෙයා දානකොට මම මුලින්ම දාන්නේ VLC Player එක තමා.අනික් Player වලට වගේ codec වෙනම දාන්න ඕන වෙන්නේ නෑනේ. VLC Player සිංහලෙන් නිකුත් කිරීම නම් පැසසිය යුතු කාරයක්.නියම වැඩක් සුභ පැතුම්.

janakac2 said...

සිරා වැඩක්....෴ :D

චමිදේවා said...

නියම වැඩක්....
සුබ පැතුම්...

මචෝ, මේකේ සිංහල උපසිරැසි වැඩකරනවද...?

Unknown said...

සිංහල උපසිරැසි වලට තාම සහාය දක්වන්නේ නැහැ බං... :-(