දුරකථන ඇමතුම් ලබා ගැනීමේ දී ප්‍රවේශම් වන්න.......!!???

Saturday 8 May 2010

අද දිනයේ රට පුරා කටකතා මාර්ගයෙන් හා කෙටි පණිවුඩ මගින් අමුතුම කතාවක් පැතිර යනවා. ඒ මගින් කියවෙන්නේ නොදන්නා අංකයකින් පැමිණෙන හානිකර දුරකථන ඇමතුම ලබා ගැනීමේ දී ඒ මගින් අසන්නාගේ මොළයට හානිදායක කිරණ වර්ගයක් නිකුත් කරන බවත්, මේ වන විට දෙදෙනෙකු මේ හේතුවෙන් මිය ගොස් ඇති බවත්ය. තවත් අයෙක් මා හා පැවසුවේ එම ඇමතුම පැමිණි අයෙකුගේ දුරකථනය පුපුරා ඇති බවත්, ඔහුව රෝහල් ගත කර ඇති බවත්ය. අද උදෑසන ගුවන් විදුලි පුවත් විකාශ මගින් මේ ගැන ප්‍රචාරය කර ඇති බව සමහරු පවසනවා. තවත් අයෙක් මා හා පැවසුවේ මේ ගැන ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් ද දැනුවත් කර ඇති බවයි. පුදුමයට කරුණ නම්, මේ සිදු වූ සිදුවීම් කිසිවක් කිසිවෙකු ඇසින් දැක නොතිබීමයි. පුවත් විකාශය ඇසූ කෙනෙක් සොයා ගත නොහැකි වුවත්, අහවලා මේ ගැන කියූ බව නම් හැමෝම පවසනවා.

මා දන්නා ආකාරයට නම් අපගේ ජංගම දුරකථනයට එවැනි හපන්කමක් කරන්නට හැකියාවක් නැහැ. දුරකථන ඇමතුමක් මගින් මෙය සිදු කිරීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒ නිසා කිව යුත්තේ මෙය අමූලික බොරුවක් බවයි. මේ ගැන පැතිරෙන කටකතා සියල්ලම අසත්‍ය බවයි. එබැවින් කිසිදු බියකින් තොරව ඔබට එන ඇමතුම් ලබා ගන්න. කටකතා කරුවන් සියල්ලම දැනුවත් කරන්න.

විහිළුසහගත එම කෙටි පණිවුඩයෙහි මෙසේ දැක්වෙයි. “Dont attend to calls from 7888308001, 9316048121, 9876266211, 9888854137, 9876715587. These numbers come in red colors. U may get brain hemrage due to high frequency. 27 persons died just recieving the call”

8 ප්‍රතිචාර:

Sri Lanka Yoga said...

ඔබ කොහොමද එහෙම කියන්නෙ මේක වෙන්න පුළුවන් දෙයක් මොකද අධිසංඛාත ධ්‍යවනි තරංගයක් ඇමතුම හරහා සම්බන්ධ කලහොත් එය අපගේ මොළයට බලපැමක් කරන්න පුළුවන් නේ හැබැයි ප්‍රශ්නය තියෙන්නෙ දුරකථන මාර්ග හරහා යැවිය හැකි ඉහලම ධ්‍යවනිත සංඛ්‍යාතය කෙතරම්ද යන්නයි එය අධී සංඛ්‍යාතයක් වුනහොත් තත්වය බරපතලය

යූත්මැක්ස් said...

මා අසා ඇකි ආකාරයට දුරකථන මාර්ග හරහා යැවිය හැකි සංඛ්‍යාතයේ සීමාවක් තිබෙනවා. යම් කිසි සංඛ්‍යාත පරාසයක් පමණයි එය මගින් ග්‍රහණය කරගන්නේ. අධි සංඛ්‍යාත ධ්වනි පරාසයන් පෙරහන් මගින් පෙරා හරිනවා.

අද දිනය තුළ පැතිර යන කටකතා වල සත්‍යයක් නොමැති බව මේ වන විට TRC Chief විසින් දැනුම් දී තිබෙනවා.

Anonymous said...

අනේ මන්දා ... අපේ මිනිස්සු කවද හැදෙයිද කියලා..!!

NUWAN said...

කවුරු හරි මානසික රෝගියෙකුගේ වෑඩක් අනේ මේවා කරලා දුරකථන සමාගම් නම් පොහොසත් කරන්න එපා බොරුවට....මටත් ආවා මේක.....

පිලේ පැදුර said...

හොඳයි මෙවැනි ලිපියක් ලියූ එක.

අධි සංඛ්‍යාත (ධ්වනි) තරංගයක් පැමිණියත් එය දුරකතනයේ ශ්‍රව්‍ය පද්ධතිය මගින් ප්‍රතිනිෂ්පාදනය කලයුතුයි. දුරකථනයක ඉයර් පීසය හෝ ඒ හා සම්බන්ධ පරිපථ එවැනි අධි සංඛ්‍යාත කෙසේ වෙතත් පූර්ණ ශ්‍රව්‍ය පරාසයවත් (20 -20,000 Hz) ප්‍රතිනිෂ්පාදනය කරන්නේ නැහැ.

ඉලංදාරියා said...

වැදගත් ලිපියක්......

මුන්ට පිස්සුද කොහෙදො.........
ඩොප් පිට කියපු දෙයක්ද දන්නේ නහැ......

එහෙම් කරන්න පුලුවන්නම්......ගොඩක් අය වෙලහකට මැරිලා....

Kanishka said...

@Sri Lanka Yoga ඔක්කොම ඇහෙන්න ඕනා පෝං එකේ තියෙන ඉස්පීකර් කට්ටෙං :D
ගොඩයන්ට නං ඕවා මැජික්..තමා :D

V said...

ගහපිය ඔය පෝන් එක පොලවේ