Format Factory නවතම වෙළුම දැන් සිංහලෙන්

Friday 2 April 2010



Free Time ආයතනය විසින් සකස් කළ ඉතාමත්ම ප්‍රයෝජනවත් වූ මෘදුකාංගයක් තමයි Format Factory කියන්නේ. වැදගත්ම දේ තමයි මේක ලබා දෙන්නේ නොමි‍ලයේ. මේක නමින් කියවෙනවා වාගෙම Format Factory එකක්ම තමයි. විවිධ මාධ්‍ය ගොණු ආකෘති ඉතා විශාල සංඛ්‍යාවකට සහය දක්වන මෙය මගින් කරගත හැකි දේවල් නම් අති විශාලයි. ප්‍රධාන වශයෙන්ම එක් ගොනු ආකෘතියක සිට තවත් ගොනු ආකෘතියකට හරවා ගැනීමට‍ මේ මගින් කළ යුත්තේ එක ක්ලික් කිරීමක් විතරයි. හැරවූ ගොණු වල තත්ත්වයත් සුපිරිම මට්ටමක තියනවා.

මේ මගින් පරිවර්තනය කර ගත හැකි ගොනු ආකාර වන්නේ...
වීඩියෝ
ඕනෑම වර්ගයක සිට MP4, AVI, 3GP, RMVB, WMV, MKV, MPG, VOB, MOV, FLV, SWF, GIF ‍වලට.

ශ්‍රව්‍ය
ඕනෑම වර්ගයක සිට MP3, WMA, FLAC, AAC, MMF, AMR, M4A, M4R, OGG, MP2, WAV, WAWPack

පිංතූර
ඕනෑම වර්ගයක සිට JPG, PNG, ICO, BMP, GIF, TIF, PCX, TGA

මීට අමතරව ඩීවීඩී වලින් වීඩියෝ ගොනු, Audio CD වලින් ඕනෑම ආකාරයක ශ්‍රව්‍ය ගොනු, ඩීවීඩී හෝ සීඩී වලින් ISO/CSO ඉමේජ් ගොනු වලට මෙන්ම ISO ඉමේජ් CSO බවටත්, CSO ඉමේජ් ISO බවටත් හරවා ගත හැකියි. එපමණක් ද නොව ඉහත දක්වා ඇති ඕනෑම වීඩියෝ ගොනු එකතු කර තනි ගොනුවක් බවට හැරවීම හා ඕනෑම ශ්‍රව්‍ය ගොනු එකතු කර තනි ගොනුවක් බවට හැරවීමත් කළ හැකියි.

මා විසින් මෙහි නවතම වෙළුම සිංහලට පරිවර්තනය කර තිබෙනවා. මෙය අපි කාටත් ඉතා ප්‍රයෝජනවත් මෘදුකාංගයක් වනවාට සැක නැහැ.

මෙන්න මෙතනින් බාගන්න.

5 ප්‍රතිචාර:

NUWAN said...

බලමු දෑන්මම භාගත කොරලා බලන්නම්.

Anonymous said...

http://www.softpedia.com/get/Multimedia/Graphic/Image-Convertors/FormatFactory.shtml

දයියා said...

ස්තුතියි.
අදම ගන්නං. මේවා අපිට හරිම වටින දේවල්.

Amila Prasad ලියනගේ said...

well done! හැකි ඉක්මනින් sinhalasoftware.com වෙත screen shots සමඟ ඇතුලත් කරන්නම්.

මෙම සබැඳුම මගින් වුවත් භාගත කල හැක.
http://www.sinhalasoftware.com/modules/Downloads/files/FFSetup230_Sinhala.exe

Anonymous said...

මේක වටිනවා..ස්තුතියි...