වෙලාව පෙන්වන්න ලස්සන Screensaver එකක්...

Saturday 31 October 2009



ඔයාලට හිතුනොත් ස්ක්‍රීන් සේවර් එක‍ වෙලාව පෙන්වන විදියට සකස් කරන්න ඒක ඉතාමත්ම සරල වැඩක්. Windows වලදි නම් Screensaver වල 3D Text Screensaver එකේ සැකසීම් මගින් මේක ඉතාම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වුණත් ඒක හරිම සාම්ප්‍රදානුකූලයි. ඒක දැකලම දැන් එපා වෙලා නම් ඉන්නෙ ටිකක් වෙනස් විදියට වෙලාව පෙන්වන ස්ක්‍රීන් සේවර් එකක් මම හැදුවා. හැදුව කියල කිව්වට මම කළේ හදපු එකක් ටිකක් වෙනස් කරල ස්ක්‍රීන් සේවර් එකක් බවට පත් කරපු එක විතරයි. මේක හදල තියෙන්නෙ ෆ්ලෑෂ් වලින්. මම මේ Flash Object එක හොයා ගත්තෙ http://sinhalenheena.blogspot.com වල තිබිලා.

මේක ඉතාම පොඩි Application එකක්. සම්පූර්ණ ප්‍රමාණය 840kb විතර. සමහර ස්ක්‍රීන් සේවර් වගේ පරිගණකයේ වේගයටවත් මතකයටවත් කිසිම බලපෑමක් කරන්නෙ නෑ. ස්පයිවෙයා, මැල්වෙයා වාගෙ තෑගිත් මෙයා ළඟ නෑ. ඒ නිසා බය නැතිව දාල බලන්න. හැබැයි මේක දාගන්න වෙන්නෙ Windows පාවිච්චි කරන අයට විතරයි. මොකද මේක තියෙන්නෙ exe එකක් විදියට නිසා.

Download

5 ප්‍රතිචාර:

NUWAN said...

ඔන්න මාත් බා ගත්තා..

Anonymous said...

Ade meka mama hoya hoya hitapu 1k ne. Thanks uthmax...

Anonymous said...

ලස්සන Screensaver එකක්. I Like It

Anonymous said...

Flip (mechanical) type clock screen saver, for both Mac & Windows is here:

http://www.9031.com/downloads/screensavers.html

-LazyOwl-

sithija said...

අයියා මීට වැඩිය ඊළඟට තියෙන ලිපියේ තියෙන ScreenSaver එක හොඳයි කියලා හිතෙනවා. හැබැයි මට ඒ කාලේ නියම ScreenSaver එකක් හම්බ වෙලා තියෙනවා මාළු ටැංකියක ScreenSaver එකක්. ඒක මගේ හිතට ගොඩක් ඇල්ලුවා.