රේඵය, යංශය හා දකාරාංශය නිවැරදි ව යෙදෙන ආකාරය

Tuesday 2 June 2009

"ර" යන්න හා "රේඵය"

ව්‍යාංජන ශබ්දයකට ඉදිරියෙන් එන "ර්" ශබ්දය ලියා දැක්වීම පිණි‍ස යෙදෙන උඩු පිල්ල "රේඵය" නමින් හැඳින්වේ. රේඵය වර්තමානයේ යෙදෙන්නේ විකල්ප වශයෙන් පමණි. එනම් රේඵය වෙනුවට "ර්" යන්න ලිවීම මෙකල බහුල වශයෙන් සිදු කරයි.

උදාහරණ

"ර්" යන්න

ව්‍යාංජනය

රේඵය

වචනය

රේඵය රහිතව

ර්

ර්‍ධ

වර්‍ධන

වර්ධන

ර්

ර්‍ෂ

වර්‍ෂ

වර්ෂ

ර්

ර්‍ණ

ස්වර්‍ණ

ස්වර්ණ

ර්

ර්‍ත

වර්‍තමාන

වර්තමාන

ර්

ර්‍ග

මාර්‍ග

මාර්ග


"ය" යන්නට ඉදිරියෙන් "ර්" යෙදෙන විට එය ලිවීම සඳහා නිවැරදි ආකාර තුනක් ඇත. ඉන් දෙවිධියකටම රේඵය යොදා ගනී.

ශබ්දය

1 වන ආකාරය

2 වන ආකාරය

3 වන ආකාරය

ර් + ය

ර්ය

ර්‍ය

ර්‍ය්‍ය


මේ අනුව බැලීමේ දී පහත දැක්වෙන පද නිවැරදිව ලියන ආකාර තුන මෙසේය.

1 වන ආකාරය

2 වන ආකාරය

3 වන ආකාරය

කාර්යාලය

කාර්‍යාලය

කාර්‍ය්‍යාලය

මහාචාර්ය

මහාචාර්‍ය

මහාචාර්‍ය්‍ය

ධෛර්යය

ධෛර්‍යය

ධෛර්‍ය්‍යය

ඓශ්චර්ය

ඓශ්චර්‍ය

ඓශ්චර්‍ය්‍ය

භාර්යාව

භාර්‍යාව

භාර්‍ය්‍යාව

තූර්ය

තූර්‍ය

තූර්‍ය්‍ය


වර්තමාන සිංහල ලේඛකයන් වැඩි රුචියක් දක්වන්නේ මෙහි පළමු ආකාරයෙන් ලිවීමට ය.එහි යම් සරල බවක් ඇතැයි යන්න මාගේ හැඟීමයි.

"ද" යන්න හා "දකාරාංශය"

ව්‍යංජන ශබ්ද කිහිපයකට ඉදිරියෙන් එන "ද්" ශබ්දය ලියා දැක්වීම සඳහා යොදා ගන්නා පිල්ල "දකාරාංශය" නමින් හැඳින්වේ.

එය ගාත්‍රාක්ෂරයට ඉදිරියෙන් එයට බැඳී සිටින අයුරින් ලියා දක්වයි.







දකාරාංශය යෙදෙනුයේ ඊට පසුව "ව" හෝ "ධ" යෙදීමේ දී ය. මෙය ද විකල්ප වශයෙන් යෙදෙන බැවින් වර්තමානයේ බහුලවම මේ ශබ්ද දකාරාංශයකින් තොරව ලියනු දක්නට ඇත.

උදාහරණ
"ධ" සමග





"ව" සමග





(සිංහල යුනිකේතය තුළින් මෙය ලිවිය හැකි ආකාරය මා හට සොයා ගැනීමට අපහසු විය. බොහෝ විට දකාරාංශය සිංහල භාෂාව ලිවීමේ දී අනිවාර්ය අංගයක් නොවන බැවින් යුනිකේතයෙන් ඉවත් කළා වන්නට ද පුළුවන. යුනිකේතයෙන් මෙය ලිවිය හැකි ආකාරය කවුරුන් හෝ දන්නේ නම් ඒ පිළිබඳ ව මෙහි සටහනක් එක් කරන්න)

6 ප්‍රතිචාර:

budhajeewa said...

මට නං වචන 2ම එක වගේ පේන්නෙ. උබුන්ටු වල සිංහල අවුලක් ද කොහෙද.

Anonymous said...

මට නම් කිසිම අවුලක් නැතිව පේනවා. හැබැයි මම ඉන්නෙ වින්ඩෝස් 7 වල.

Thejan said...

ඔය වැඩේට වගකියන්න ඕන කවුද කියල මම දන්නවා. $ ටිකක් දැකපු ගමන් ඒකට පනින j.b. තමයි ඔය වැඩේට වග කියන්න ඕන. මිනිහා තමයි සිංහල යුනිකෝඩ් කරන වැඩේට Microsoft එක එක්ක ICTA එක පටන් ගත්ත දවස් වල ඒකට හෙත්තු වුණේ ගානක් හොයාගන්න. මේකෙන් වුණේ අවුරුදු දහස් ගාණක් අපේ හෝඩියේ තිබුණු අකුරු අපට අහිමි වුණු එකයි. මේ තක්කඩි රැළ ඒ වෙනුවෙන් කළ කිසිම දෙයක් නෑ. විජේසේකර Layout එක Unicode එකට දාලා දුන්නා තමන්ගේ වගේ. අඩුගානේ full stop comma වගේ ඒවා වත් අල‍තින් ස්ථානගත කළේ නෑ. අකුරු දහස් ගාණක් තියෙන චීන හෝඩියත් keyboard එකට දාගත්තට මොකද අකුරු 60 ගාණක සිංහල හෝඩිය අඩුපාඩුවක් නැතිව දාගන්න බැරිවුණා අපිට මේ නරුමයෝ නිසා.

Unknown said...

සිංහලවunicode වල දකාරාංශය ලියන්න පුළුවන්. භාවිතා කරන FONT එක TYPE 2 සිංහල FONT එකක් විය යුතුයි. Iskolapotha font එක ‍යොදා ගෙන පහසුවෙන් දකාරාංශය යොදන්න පුළුවන්.

Unknown said...

මෙහි ය‍න්ශය යොදා කාර්යය ලියා ඇති ආකාරය නිවැරදි නොවේ. එය කාය්‍යර්‍ විය යුතුය.

Sanju Darshana said...

ඉතාම වටිනා ලිපියක්!
මෙවන් ලිපියක් ලිවීම ගැන මුලින්ම ස්තූතිවන්ත වෙනවා.

"ද්ධ" ට යෙදෙන නිවැරදි දකාරංශය සිංහල යුනිකේත තුළ නෑ.
ඒ වෙනුවට දකාරාංශය වැනි ආසන්න වශයෙන් සමාන අක්ෂරයක් යුනිකේත තුළ දක්නට ලැබෙනවා.

"ඳ්‍ධ" මේ තියෙන්නේ එය.
මෙහි නියම දකාරාංශ අක්ෂරයට වඩා සුළු වෙනසක් දකින්නට පුළුවන්.

"ද්ව" දකාරාංශය නම් නිවැරදිව යුනිකේත තුළ තිබෙනවා.
"ඳ්‍ව" මේ තියෙන්නේ එය.

නිවැරදි දකාරාංශය හෙළ යුනිකේත වලින් ඉවත් කිරීම නම් හෙලා දැකිය යුතුයි.