සිංහල ෆොන්ට් 25 ක් නොමිලේ AMS Sinhala Fonts Free Download

Tuesday 16 April 2013

AMS Sinhala Fonts Free Download ග්‍රැෆික් ඩිසයින් කරන අයට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි අද දෙන්න හදන්නේ. මෙතන තියෙනවා විවිධ හැඩතලයන් සහිත සිංහල අකුරු රටා 25 ක්. හැබැයි මේවා එකක්වත් අලුත් ඒවා නම් නෙමෙයි. ගොඩාක් කාලෙක ඉඳලා මම ළඟ තිබුණ අකුරු රටා කිහිපයක්. නැති කෙනෙකුට ගන්න අප්ලෝඩ් කරලා තිබුණොත් වැදගත් වෙයි කියල හිතුන නිසා තමයි මෙහෙම දෙන්න අදහස් කළේ. අකුරු රටා වල ආදර්ශයක් මෙන්න. බාගත කරන්න අවශ්‍ය Link මෙතනින් ගන්න. Mediafire Link Fileserve Link මේ දෙකම වැඩ කළේ නැත්නම් මෙතැනින් ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.......

නිදහස සිංහල සමගින් නිදහසේ සිංහල ටයිප් කරන්න

Tuesday 24 January 2012

සිංහල ටයිප් කරන අයට නැතුවම බැරි කුඩා මෘදුකාංගයක් තමයි Keyman කියන්නේ. Keyman නැතිව සිංහලෙන් ටයිප් කරනවා කියන්නේ හරියටම කිව්වොත් වාහනයක යන්න තියන ගමනක් පයින් යනවා වගේ. ඒ තරම් වෙලා ගත වෙනවා. Alt එක්ක ASCII Code ගහන්න වෙනවා Numaric Key Pad එක ගෙවෙනකන්.

නමුත් මේකට හොඳම විසඳුමක් තමයි නිදහස කීමෑන් කියලා කියන්නේ. මේක අපි සංවර්ධනය කළේ 2001 දී. ඒ වෙනකොට වින්ඩෝස් XP ආවා විතරයි. අපි ඒ වෙනකොට Windows 98 වල ඉඳලා Xp වලට ආපු මුල්ම කාලෙ. Xp එක්ක වැඩ කරන එක මාර Fun උනත් අපි ඒ වෙනකන් සිංහල ටයිප් කරන්න පාවිච්චි කරපු ‘ම‘යන්න (MyPC සිංහල ටයිප් මෘදුකාංගය - අපි ඒකට ඒ දවස් වල කිව්වෙ ‘ම‘යන්න කියලා) Windows Xp වලට වැඩ කළේ නැහැ. ඒ නිසා Windows XP/98 Dual Boot තියාගෙන හිටියේ සිංහල ටයිප් කරන්නමයි.

මේකට විසඳුමක් හොය හොයා ඉන්න අතර තමයි අපේ චන්දු (චන්දන ප්‍රසන්න) හොයා ගත්තෙ Keyman කියලා software එකක් තියනවා; ඒක Xp වල සිංහල ටයිප් කරන්න පුළුවන් විදියට හදාගන්න පුළුවන් කියලා. අපි කොහොම හරි වැඩේ කළා.

මේක හදලා තියෙන්නෙ Keyman Version 5 වලින්. ඒ නිසා කිසිම අවුලක් නැතිව කොරල් ඩ්‍රෝ එක්ක වැඩ කරනකොට Corel Keyboard Shotcut පාවිච්චි කරන්න පුළුවන්. ඒත් Keyman Version 6 හෝ 7 වලින් හදපු සිංහල මෘදුකාංග එක්ක Corel Keyboard Shotcut වැඩ කරන්නෙ නැහැ.

මේක අපි කවදාවත් මුදලට දුන්නෙ නැහැ. එහෙම කළා නම් අපිට හොඳ ගානක් හොයා ගන්න තිබුණා. :-D අනෙක් හැම එකක්ම දෙන්නෙ මුදලට හින්දා අපිත් මේක ලෝකෙ තියන හොඳම මුදලට දෙන්න තීරණය කළා. ඔයාලටත් මේක අවශ්‍ය වෙයි කියලා හිතනවා නම් පහළ තියන ටොරන්ට් එකෙන් බාගන්න. ඒ වාගෙම අනිත් අයටත් ගන්න ලේසි වෙන්න seed කරලා තියන්න.

http://thepiratebay.org/torrent/6980765

පරිගණක පාඨමාලාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ හදාරන්න.

Tuesday 30 November 2010



කුරුණෑගල විශ්ව පරිගණක අධ්‍යාපන ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලයේ පවත්වනු ලබන පරිගණක පාඨමාලාවේ තෙවන කණ්ඩායම සඳහා දැන් සිසුන් බඳවා ගනු ලබයි. කිසිදු ගාස්තුවක් අය නොකරනු ලබන මෙම පාඨමාලාවන් විශේෂයෙන්ම හඳුන්වා දී ඇත්තේ වයස අවුරුදු 16-30 ත් අතර, පාසල් හැරගිය, අවිවාහක අය සඳහායි. පරිගණක භාවිතයට ඇල්මක් ඇති නමුත්, මූල්‍යමය අපහසුතා නිසා ඒ සඳහා වැඩි දුර අධ්‍යාපනය ලැබීමට නොහැකිව සිටින අයට මෙමගින් තමන්ගේ අරමුණු ඉටු කර ගත හැකියි.

මෙවර පරිගණක පාඨමාලාවන් 4 ක් හඳුන්වා දී ඇති අතර, එයින් තමන් කැමති පාඨමාලාවක් හැදෑරීමට සිසුන්ට හැකියි. එම පාඨමාලාවන් වන්නේ,

1. Type Setting & Page Designing
2. Microsoft Office
3. Graphic Designing
4. Computer Hardware & Operating Systems

මෙම සියලුම පාඨමාලාවන් මාස 06 ක කාලයක් පුරා දිවෙන අතර, ප්‍රවීණ දේශක මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබයි. මෙම සෑම පාඨමාලාවකටම සහභාගි වන්නන්ට නිදහස් හා විවෘත කේත (Free and Open Source) මෘදුකාංග භාවිතය පිළිබඳ සම්මන්ත්‍රණ වලට වරින් වර සහභාගි වීමට ද හැකියි. පාඨමාලාව අවසානයේ රජය පිළිගත් වටිනා සහතිකපතක් ද පිරිනැමේ.

ඔබත් මේ සඳහා සහභාගි වීමට අපේක්‍ෂා කරන්නේ නම්, පහත ඇති අයදුම්පත පුරවා 2010-12-05 දිනට පෙර “විදුහල්පති, විශ්ව පරිගණක අධ්‍යාපන මධ්‍යස්ථානය, 217/B, විල්ගොඩ පාර, කුරුණෑගල“ ලිපිනයට තැපැල් කරන්න. වැඩිදුර තොරතුරු 072-8843638 හෝ 0372220131 දුරකථන වලින් දැනගත හැකියි.

සැ.යු. පාඨමාලාව අවසානය දක්වාම හැදෑරීමට හැකි සිසුන් පමණක් ඉල්ලුම් කරන්න.

අයදුම්පත මෙතැනින් ලබා ගන්න.

Format Factory 2.45 දැන් 100% ක් සිංහලෙන්.....!

Tuesday 3 August 2010



අපි කවුරුත් හොඳින් දන්නා හඳුනන, ඉතාමත් ප්‍රයෝජනවත් වූ මෘදුකාංගයක් වූ Format Factory හි නවතම වෙළුම වන version 2.45 පසුගිය සති‍යේ නිකුත් කළා. ශ්‍රී ලාංකිකයන් ලෙස අපට මෙහි ඇති වැදගත්කම වන්නේ මෙම වෙළුම සමග මෙහි සිංහල සහාය 100% ක් ම අන්තර්ගත වීමයි. Format Factory 2.30 වෙළුමේ සිට සිංහල සහාය අන්තර්ගත වූවත් ඒ සමග සම්පූර්ණයෙන්ම සිංහල සහාය අන්තර්ගත නොවීය.

මෙම වෙළුම වින්ඩෝස් 7 සඳහා ද පූර්ණ වශයෙන්ම සහයෝගය දක්වනවා. සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන මෙය මගින් සිදු කර ගත හැකි කාර්යයන් නම් අති විශාලයි.

මේ පිළිබඳව වැඩි විස්තර මා විසින් මින් පෙර දක්වා තිබෙනවා. පහත සබැඳියෙන් ඔබට එය කියැවිය හැකියි.

http://uthmax.blogspot.com/2010/04/format-factory.html

Format Factory නවතම වෙළුම මෙතැනින් බාගත කරන්න.

Format Factory 2.45

සිංහල අතුරුමුහුණතෙහි Screen Shot කිහිපයක්



ලොව ජනප්‍රියතම නිදහස් මාධ්‍ය ධාවකය සිංහලෙන් නිකුත් වූ වග...෴

Sunday 25 July 2010



ලොව ජනප්‍රියතම විවෘත කේත මාධ්‍ය ධාවකය වන, අපි කවුරුත් හොඳින් දන්නා හඳුනන VLC Media Player එකෙහි නවතම අනුවාදනය වන 1.1.1 පසුගිය 21 වැනිදා නිකුත් කළා. ශ්‍රී ලාංකිකයන් වන අපට මෙහි ඇති වැදගත්කම වන්නේ සම්පූර්ණ වශයෙන්ම සිංහල භාෂා අතුරු මුහුණත සහිතව නිකුත් වූ පළමු VLC වෙළුම මෙය වන නිසායි. සිංහල අතුරුමුහුණත සකස් කර ගැනීම දැන් ඉතාම පහසුයි. පළමුව පහත සබැඳියෙන් නවතම වෙළුම බාගත කරගන්න.

Download VLC 1.1.1 The luggage

ඊට පස්‍‍සේ VLC Media Player විවෘත කරගෙන Tools -> Preference -> Interface Setting වල Menus Language: කියන තැන තියෙන ගලා හැලෙන මෙනුවෙන් "සිංහල" තෝරන්න. එච්චරයි...

මා විසින් මෙය තව දුරටත් පරිවර්තනය වෙමින් පවතින්නේ. දෝෂ ඇත්නම් මීළඟ වෙළුම වන විට වහා නිදොස් කළ හැකියි. තවත් දෙයක් කියන්න තියනවා. ඒ තමයි, සමහර අවස්ථා වල සිංහල අතුරු මුහුණතේ අකුරු අතර අනවශ්‍ය පරතරයක් දකින්න පුළුවන් වෙයි. එහෙම වුනොත් ඒකට හේතුව වෙන්නේ ඔබේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන සමහර යු‍නිකේත අකුරු වල තියෙන දෝෂයක්. ‍එහෙම වුනොත් Bhashitha සහ Dinamina UniWeb කියන ෆොන්ට් තියනවාද කියල බලලා ඒවා ඉවත් කරන්න. එතකොට කිසිම ගැටළුවක් ඇති වෙන්නෙ නැහැ.

ශ්‍රව්‍ය සහ වීඩියෝ මාධ්‍ය භාවිතයේ දී නවමු ලෙසින් සිංහල අත්දැකීම විඳ ගන්න දැන් අපි හැමෝ‍ටම පුළුවන්. ඔබත් අත්හදා බලන්න. අනෙත් අයටත් හඳුන්වා දෙන්න.

VLC Media Player ළඟදීම සිංහලෙන්.....!

Wednesday 2 June 2010



VLC Media Player එකේ වැඩ කෑලි ගැනවත්, ඒකෙ ප්‍රයෝජන ගැනවත් අලුතින් කියන්න ඕන නැහැනේ. මම හිතන්නේ මේක භාවිතා නොකළ අයෙක් හොයා ගන්නත් අමාරු තරම්. ඒ තරමටම මේක ජනප්‍රියයි වගේම ප්‍රයෝජනවත්. දැනට තිබෙන සෑම ‍මාධ්‍ය ගොනු ආකෘතියක්ම පාහේ මේ මගින් පහසුවෙන් ධාවනය කරන්න පුළුවන්. VideoLAN කණ්ඩායම විසින් සංවර්ධනය කරනු ලබන මෙය වටිනා විවෘත කේත මෘදුකාංගයක්.

මේ කියන්න යන්නේ මෘදුකාංග දේශීයකරණය ගැන උනන්දු වෙන අයට වගේම සිංහලෙන් මෘදුකාංග වැඩ කරන්න ආශාවෙන් ඉන්න අයට වටිනා ආරංචියක්. ඒ තමයි මිළඟ VLC නිකුතුව වන 1.1.0 වෙළුම සමග මෙහි සිංහල සහාය අන්තර්ගත වන බවයි. මා විසින් මේ වන විටත් මෙහි පරිවර්තන කටයුතු කරමින් පවතින්නේ. දැනට 50% ක් විතර අවසන්.

VideoLAN ආයතනය මගින් මේ වන විට මෙහි අවසන් පෙර නිකුතුව වන 1.1.0-rc පසුගිය 26 ‍වන දින නිකුත් කළා. මේ සමග සිංහල සහාය අන්තර්ගතයි. නමුත් තවමත් මෙහි තෝරා ගත හැකි භාෂා ලැයිස්තුවේ සිංහල භාෂාව ඇතුළුව අලුතින් ඇතුළත් වීමට නියමිත භාෂාවන් පෙන්වන්නේ නැහැ. තවමත් ඇත්තේ 1.0.5 වෙළුමත් සමග පැමිණි භාෂාවන් පමණයි. නමුත් ඔබට මෙහි සුළු වෙනස්කමක් කිරීමෙන් සිංහල අත්දැකීම ලබා ගන්න පුළුවන්. මේ අත්දැකීම විඳින්න ඔබත් උනන්දු නම් පහත පරිදි සැකසුම් සකස් කර ගන්න.

පළමුව මෙතැනින් VLC නවතම වෙළුම වන 1.1.0-rc බාගත කර ගන්න.ඒක ස්ථාපනය කර ගත්තාට පස්සේ,
C:\Program Files\VideoLAN\VLC\locale\si\LC_MESSAGES ෆෝල්ඩරයේ තිබෙන vlc.mo කියන ගොනුව පිටපත් කරගෙන C:\Program Files\VideoLAN\VLC\locale\en_GB\LC_MESSAGES ෆෝල්ඩරයට පිටපත් කර ගන්න. ඊට පස්‍‍සේ VLC Media Player විවෘත කරගෙන Tools -> Preference -> Interface Setting වල Menus Language: කියන තැන තියෙන ගලා හැලෙන මෙනුවෙන් British English තෝරන්න.අන්තිමට Save ක්ලික් කරලා VLC නැවත ධාවනය කරන්න.

සමහර අවස්ථා වල සිංහල අතුරු මුහුණතේ අකුරු අතර අනවශ්‍ය පරතරයක් දකින්න පුළුවන් වෙයි. එහෙම වුනොත් ඒකට හේතුව වෙන්නේ ඔබේ පරිගණකයේ ස්ථාපනය කරලා තියෙන සමහර යු‍නිකේත අකුරු වල තියෙන දෝෂයක්. ‍එහෙම වුනොත් Bhashitha සහ Dinamina UniWeb කියන ෆොන්ට් තියනවාද කියල බලලා ඒවා ඉවත් කරලා බලන්න. ඒවාගේම ‍මේ සම්බන්ධව ඔයාලාගේ අදහස් කියන්න. තවම මේක අවසාන නිකුතුව නොවන නිසා තියෙන අඩුපාඩු ඔක්කොම අවසාන නිකුතුව නිකුත් වෙනකොට හදන්න පුළුවන්.

සිංහල මෘදුකාංග දේශීයකරණයට‍ මාව යොමුකළ ඩනිෂ්ක නවීන් සොයුරාටත්, VLC ධාවකයේ Maintainer ලෙස මා පත් කළ ශාලිත විකුම් සොයුරාටත් තුති෴

තවත් screenshots කිහිපයක්.






දුරකථන ඇමතුම් ලබා ගැනීමේ දී ප්‍රවේශම් වන්න.......!!???

Saturday 8 May 2010

අද දිනයේ රට පුරා කටකතා මාර්ගයෙන් හා කෙටි පණිවුඩ මගින් අමුතුම කතාවක් පැතිර යනවා. ඒ මගින් කියවෙන්නේ නොදන්නා අංකයකින් පැමිණෙන හානිකර දුරකථන ඇමතුම ලබා ගැනීමේ දී ඒ මගින් අසන්නාගේ මොළයට හානිදායක කිරණ වර්ගයක් නිකුත් කරන බවත්, මේ වන විට දෙදෙනෙකු මේ හේතුවෙන් මිය ගොස් ඇති බවත්ය. තවත් අයෙක් මා හා පැවසුවේ එම ඇමතුම පැමිණි අයෙකුගේ දුරකථනය පුපුරා ඇති බවත්, ඔහුව රෝහල් ගත කර ඇති බවත්ය. අද උදෑසන ගුවන් විදුලි පුවත් විකාශ මගින් මේ ගැන ප්‍රචාරය කර ඇති බව සමහරු පවසනවා. තවත් අයෙක් මා හා පැවසුවේ මේ ගැන ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් ද දැනුවත් කර ඇති බවයි. පුදුමයට කරුණ නම්, මේ සිදු වූ සිදුවීම් කිසිවක් කිසිවෙකු ඇසින් දැක නොතිබීමයි. පුවත් විකාශය ඇසූ කෙනෙක් සොයා ගත නොහැකි වුවත්, අහවලා මේ ගැන කියූ බව නම් හැමෝම පවසනවා.

මා දන්නා ආකාරයට නම් අපගේ ජංගම දුරකථනයට එවැනි හපන්කමක් කරන්නට හැකියාවක් නැහැ. දුරකථන ඇමතුමක් මගින් මෙය සිදු කිරීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒ නිසා කිව යුත්තේ මෙය අමූලික බොරුවක් බවයි. මේ ගැන පැතිරෙන කටකතා සියල්ලම අසත්‍ය බවයි. එබැවින් කිසිදු බියකින් තොරව ඔබට එන ඇමතුම් ලබා ගන්න. කටකතා කරුවන් සියල්ලම දැනුවත් කරන්න.

විහිළුසහගත එම කෙටි පණිවුඩයෙහි මෙසේ දැක්වෙයි. “Dont attend to calls from 7888308001, 9316048121, 9876266211, 9888854137, 9876715587. These numbers come in red colors. U may get brain hemrage due to high frequency. 27 persons died just recieving the call”