පරිගණක පාඨමාලාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ හදාරන්න.

Tuesday 30 November 2010



කුරුණෑගල විශ්ව පරිගණක අධ්‍යාපන ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලයේ පවත්වනු ලබන පරිගණක පාඨමාලාවේ තෙවන කණ්ඩායම සඳහා දැන් සිසුන් බඳවා ගනු ලබයි. කිසිදු ගාස්තුවක් අය නොකරනු ලබන මෙම පාඨමාලාවන් විශේෂයෙන්ම හඳුන්වා දී ඇත්තේ වයස අවුරුදු 16-30 ත් අතර, පාසල් හැරගිය, අවිවාහක අය සඳහායි. පරිගණක භාවිතයට ඇල්මක් ඇති නමුත්, මූල්‍යමය අපහසුතා නිසා ඒ සඳහා වැඩි දුර අධ්‍යාපනය ලැබීමට නොහැකිව සිටින අයට මෙමගින් තමන්ගේ අරමුණු ඉටු කර ගත හැකියි.

මෙවර පරිගණක පාඨමාලාවන් 4 ක් හඳුන්වා දී ඇති අතර, එයින් තමන් කැමති පාඨමාලාවක් හැදෑරීමට සිසුන්ට හැකියි. එම පාඨමාලාවන් වන්නේ,

1. Type Setting & Page Designing
2. Microsoft Office
3. Graphic Designing
4. Computer Hardware & Operating Systems

මෙම සියලුම පාඨමාලාවන් මාස 06 ක කාලයක් පුරා දිවෙන අතර, ප්‍රවීණ දේශක මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබයි. මෙම සෑම පාඨමාලාවකටම සහභාගි වන්නන්ට නිදහස් හා විවෘත කේත (Free and Open Source) මෘදුකාංග භාවිතය පිළිබඳ සම්මන්ත්‍රණ වලට වරින් වර සහභාගි වීමට ද හැකියි. පාඨමාලාව අවසානයේ රජය පිළිගත් වටිනා සහතිකපතක් ද පිරිනැමේ.

ඔබත් මේ සඳහා සහභාගි වීමට අපේක්‍ෂා කරන්නේ නම්, පහත ඇති අයදුම්පත පුරවා 2010-12-05 දිනට පෙර “විදුහල්පති, විශ්ව පරිගණක අධ්‍යාපන මධ්‍යස්ථානය, 217/B, විල්ගොඩ පාර, කුරුණෑගල“ ලිපිනයට තැපැල් කරන්න. වැඩිදුර තොරතුරු 072-8843638 හෝ 0372220131 දුරකථන වලින් දැනගත හැකියි.

සැ.යු. පාඨමාලාව අවසානය දක්වාම හැදෑරීමට හැකි සිසුන් පමණක් ඉල්ලුම් කරන්න.

අයදුම්පත මෙතැනින් ලබා ගන්න.

0 ප්‍රතිචාර: