Labels: sinhala, පුවත්, සිංහල
2010 මාර්තු 05 වන දින රාත්‍රී ස්වර්ණවාහිනී පුවත් විකාශය කිරීමේ දී තොරතුරු හරි හැටි විමර්ශනය නොකර අසත්‍ය පුවතක් විකාශය කර ඇත. වැලිමඩ මධ්‍ය විද්‍යාලයේ සිසුවෙකු තම පාසලේ සහෝදර සිසුන්ගේ මුදල් පසුම්බි හා වටිනා උපකරණ සොරා ගෙන අසු වූ විට ඔහුගෙන් ඒ පිළිබඳ විමසා සොරාගත් භාණ්ඩ හා මුදල් ආපසු ලබාගෙන විදුහල්පතිවරයා අතට පත් කළ ගුරුවරයෙකුට විරුද්ධව ජනතාව පෙළගැස්වීමට අනුබල දෙන ආකාරයේ පුවතක් විකාශය කර ඇත.
මෙහිදී ස්වර්ණවාහිනී වාර්තාකරු අදාළ සිද්ධිය පිළිබඳව පාසලේ විදුහල්පතිවරයාගෙන් හෝ, සිද්ධිය සිදු වූ අවස්ථාවේ සිටි ගුරුවරුන්ගෙන් හෝ එම අවස්ථාවේ සිටි සිසුන්ගෙන් හෝ කරුණු කිසිවක් නොවිමසා අදාළ පුවත ඉදිරිපත් කර ඇත. ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය වන්නේ යම් කිසි සිද්ධියක් සිදු වූ පසු එයට අදාළ සියලු තොරතුරු සම්බන්ධයෙන් සොයා බලා නිවැරදි තොරතුරු ජනතාව වෙත ඉදිරිපත් කිරීමයි. නමුත් මෙහි දී එම අවම අවශ්‍යතාවයවත් මොහුගෙන් සිදු වී නොමැත.
දිනපතාම සවස් වරුවේ ක්‍රීඩා පුහුණුවීම් වල යෙදෙන සිසුන්ගේ මුදල් පසුම්බි හා වටිනා උපකරණ සොරා ගැනීම පුරුද්දක් කරගෙන සිටි අදාළ සිසුවා කිසිදු ක්‍රීඩාවකට හෝ සහභාගි නොවුනත් සවස් කාලයේ පාසලේ රැඳී සිටින්නේ සොරකම් කිරීම සඳහා බව පාසලේ සිසුන් පවසති. ස්වර්ණවාහිනී පුවත් විකාශයෙන් සඳහන් කළේ මෙම සිසුවාට පහරදීම නිසා ඇති වූ සිත් තැවුල මත සිය දිවි හානි කරගත් බවයි. නමුත් මරණ පරීක්ෂණ වාර්ථාව ඉදිරිපත් කරමින් ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකවරයා පෙන්වා දී ඇත්තේ මෙම සිසුවාට කිසිදු පහරදීමක් සිදු වී නොමැති බවයි. මෙයින් පෙනී යන්නේ ස්වර්ණවාහිනී ප්‍රාදේශීය වාර්තාකරු මරණ පරීක්ෂණ වාර්තාව පිළිබඳවත් සොයා නොබලා අදාළ වාර්තාව යොමු කර ඇති බවයි.
සිද්ධිය වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි අනෙක් ගුරුවරුන්ගෙන් හා සිසුන්ගෙන් පොලීසිය කටඋත්තර ලබා ගෙන ඇත. එම කිසිදු කටඋත්තරයක අදාළ ගුරුවරයා සිසුවාට පහර දුන් බවක් සඳහන් නොවේ. එසේ නම් සව්ර්ණවාහිනී වාර්තාකරු තමාගේ පුවතට අදාළ සාක්ෂි ඉදිරිපත් කරන්නේ කෙසේද?
මෙම අසත්‍ය පුවත වහාම නිවැරදි කරන ලෙස මේ වන විටත් අදාල විද්‍යාලයේ විදුහල්පතිවරයා ස්වර්ණවාහිනියට දැනුම් දී ඇත.තමන්ගේ නාලිකාවට වැඩිපුර ප්‍රේක්ෂකයන් අද්දවා ගැනීමේ පහත් අභිලාෂයෙන් සාවද්‍ය පුවත් මවා ඉදිරිපත් කරන මෙවන් ආයතන සම්බන්ධයෙන් ජනතාව දෙවරක් සිතා බැලිය යුතු නොවේද? සත්‍ය දැනගන්න තමන් හා එක්වන ලෙස පවසන ස්වර්ණවාහිනිය අමු අමුවේ අසත්‍ය පුවත් ඉදිරිපත් කිරීම කෙසේ නම් අනුමත කළ හැකිද?
8 ප්‍රතිචාර:
අපෝ නොදකිං කාලකණ්නි...
ඔහොම තමයි, දැන් නිවුස් උනත් මාකට් කරන්න පුලුවන් බඩුවක් මිසක් එතනින් එහා දෙයක් නෙමෙයි...
මුලින්ම ස්තූතියි මේ පිළිබදව දැනුවත් කරාට...විශේෂයෙන් නිවරැදි පුවත් ජනතාවට ගෙනයාමේදී බ්ලොග්කරුවකුගේ කාර්යභාරය ඔබ විසින් මනාකොට පෙන්වාදී තිබෙනවා. බලාගෙන මේ වගේ පුවත් දිගින් දිගටම ලිව්වොත් ඔබව අර දේශපාලන ලිපි ලියන ගොඩටම ඇදලා දාන්න තරම් අපේ ඇඩ්මින්වරු කාරුණිකවන්න ඉඩතියෙනවා. විශේෂයෙන් මෙහිදී ඔබ ස්වර්ණවාහිනිය විවේචනය කර තියෙනවා. එහෙත් ඔය රූපවාහිනියේ යන නිව්ස් එහෙම නිවැරැදි කරන්න ගියොත් තමයි ඇඩ්මින්ලට රිදෙන්නේ..
@යූත්මැක්ස්
ඔබ මේ ලිපිය ලියන්නෙ Friday, 5 March 2010 Posted by at 23:08
සිද්ධිය 2010 මාර්තු 06 වන දින ???????
මේ පිළිබදව මෙතරම් විස්තර සැපයීමට ඔබ දත්ත සපයා ගත්තේ කෙසේද?
මෙම ප්‍රදේශයේ පද්ංචි කරැවෙක් ලෙසට මෙම ප්‍රදේශයේ පැතිරෙන විවිධ කටකථා වලටද සවන් දීමට මට අවසෟථාව මට ලෑබී ඇති අතර මෙම බ්ලොගයේ සදහන් කරැණු සමහරක් නිවැරදි නොවන බව පැවසීමට තරම් විශ්වාසදායක තොරතුරැද මා හට අසන්නට ලැබී ඇත.
@ Anonymous
දිනය මාර්තු 05 වන අතර එය නිවැරදි කර ඇත. පෙන්වාදීම සම්බන්ධයෙන් තුති.
@ තුෂාර ජයරත්න.
ඔබ දන්නා තොරතුරු ඉදිරිපත් කරන්න. මා මේ තොරතුරු ලබා ගෙන ඇත්තේ සිද්ධිය වූ අවස්ථාවේ එය දුටු පිරිසගෙන් වන අතර මෙහි සඳහන් කරුණු නිවැරදි බව නැවතත් සඳහන් කරමි.
ඇයි මේ blog දේශපාලන කොටසේ
200% agreed...
රූප පෙට්ටියේ ඉන්න ඔක්කොම එවුන් ඔහොම තමා බන්...
/බිඟුවා...!
ස්වර්ණවාහිනිය කවදත් ඔහොම තමයි, අර කළු ගඟට විසිකරපු ලමයගෙ සිද්ධියත් විකුනගෙන කෑවනෙ.... තැන්ක්ස් අපිව දැනුවත් කලාට...
Post a Comment